March, 24, 2022
පසුගිය මාර්තු 18 - 20 දක්වා පැවති Chinese Enterprises Job Fair හෙවත් චීන ව්‍යවසාය රැකියා ප්‍රදර්ශනයේ දී මෙරට දක්ෂතා ඇති 100 දෙනෙකුට උසස් තත්ත්වයේ රැකියා අවස්ථාවන් ලබා දීමට පියවර ගෙන තිබේ.
CHEC, AVIC Int'l, ZTE, China Construction, Bank of China වැනි චීනයේ දැවැන්ත සමාගම් 10ක සෘජු රැකියා අවස්ථාවන් උදා කර ගැනීමට මෙම රැකියා ප්‍රදර්ශනය හරහා මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදා වී ඇත.
මේ සම්බන්ධනේ ට්විටර් පණිවුඩයක් තබමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන සමාගම් විසින් ශ්‍රී ලාංකිකයන් 11,000 කට සෘජු රැකියා අවස්ථාවන් ලබා දී ඇති බවයි.
100 quality jobs were provided to #lka talents by 10 well-known 🇨🇳 enterprises (CHEC, AVIC Int'l, ZTE, #China Construction, Bank of China, etc.) at the 3rd "#Chinese Enterprises Job Fair" 18-20 Mar.
11,000 Sri Lankans are being directly employed by 🇨🇳 companies in 🇱🇰 at present. pic.twitter.com/ca3LO0UC1W
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) March 22, 2022
Video Story