March, 24, 2022
ලබන මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්ට සමගාමීව මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය අද (24) දින වාර්තා කර තිබේ.
මෙහිදී එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මූලාශ්‍ර දෙකක් විසින් අදාළ තොරතුර තහවුරු කර ඇති බවයි.
එළඹෙන මාසයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර වෙත යාමට නියමිත අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝකු බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story