March, 28, 2022
මෙරට දීර්ඝ කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තුවෙන් පැමිණෙන සංචාරකයින් සඳහා ‘පැරඩයිස් වීසා‘ නමින් නව වීසා යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දශක 5 කට පසු කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (28) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තුවෙන් එන සංචාරකයින්ට ‘පැරඩයිස් වීසා‘ නමින් නව වීසා යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දේපළ ඉඩකඩම්වල ආයෝජනය කිරීමට එන සංචාරකයින් වෙනුවෙන් ඒ හා සමාන වීසා ක්‍රමයක් හඳුන්වා දෙන්න පියවර ගන්නවා.
පැරඩයිස් වීසා ක්‍රමය හරහා සංචාරකයින් විශාල ප්‍රමාණයක්, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යනවාට වඩා, අපේ දේශීය ගුවන් තොටුපළ වෙත ගමන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
Video Story