December, 8, 2015
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 28 වන දින සිට පෙබරවාරි 14 දක්වා ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු තිබේ.
මේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ ඩුබායි හිදී පැවති අතර කණ්ඩායමකට 15 බැගින් කණ්ඩායම් 6 ක් සඳහා ක්‍රීඩකයින් 90 දෙනෙකු තෝරා ගැනීමට මෙහිදී නියමිතව තිබිණි.
මෙම ක්‍රීඩකයින් 90 දෙනා අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු පමණක් ඇතුළත් වීම විශේෂත්වයකි. එනම් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, උපුල් චන්දන සහ චාමර සිල්වා පමණක් මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් සඳහා වෙන්දේසියේ දී මෙතෙක් අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් විය.
මෙම වෙන්දේසියේ දී කණ්ඩායම් විසින් ක්‍රීඩකයෙකු මිල දී ගැනීම සඳහා ගෙවන ලද වැඩිම මිල ඇමරිකානු ඩොලර් 550,000 කි. මෙම මිල යටතේ ක්‍රීඩකයින් 10 දෙනෙකු වෙන්දේසි වී තිබේ. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ස්කොට් ස්ටයිරිස්, හීත් ස්ට්‍රික්, විරේනද්ර සේවාග්, සව්රව් ගංගුලි, ග්රැහැම් ස්වෑන්, ඩැනියෙල් විටෝරි, මයිකල් වෝන් සහ අබ්දුල් රසාක් එම ක්‍රීඩකයින් වේ.
ඊයේ පැවති වෙන්දේසිය එක් එක් කණ්ඩායම සඳහා අනුව මෙතෙක් අලෙවි වූ ක්‍රීඩකයින් පහත පරිදි වේ.
Team Leo
Brian Lara - $100,000
Herschelle Gibbs - $40,000
Brendan Taylor - $70,000
James Franklin - $62,000
Johan Botha - $46,000
Robin Peterson - $80,000
Fidel Edwards - $90,000
Scott Styris - $550,000
Heath Streak - $550,000
Mohammad Tauqir - $ 10,000
Neil Carter - $10,000
Hamish Marshall - $28,000
Gemini Arabians
Muttiah Muralitharan - $100,000
Kyle Mills - $42,000
Saqlain Mushtaq - $42,000
Virender Sehwag - $550,000
Kumar Sangakkara - $550,000
Jacques Rudolph - $58,000
Rana Naved-ul-Hasan - $38,000
Justin Kemp - $68,000
Libra Legends
Jacques Kallis - $100,000
Brad Hogg - $68,000
Sourav Ganguly - $550,000
Graeme Swann - $550,000
Ryan Ten Doeschate - $76,000
Ajay Ratra - $20,000
Chris Read - $20,000
Sean Ervine - $60,000
Shaun Tait - $60,000
Team Sagittarius
Adam Gilchrist - $100,000
Shane Bond - $30,000
Mahela Jayawardene - $550,000
Daniel Vettori - $550,000
Khurram Khan - $22,000
Phil Mustard - $26,000
Tino Best - $42,000
Team Virgo
Brett Lee - $100,000
Jonty Rhodes - $40,000
Neil McKenzie - $52,000
Graeme Smith - $50,000
Azhar Mahmood - $50,000
John Mooney - $31,000
Dirk Nannes - $40,000
Owais Shah - $75,000
James Foster - $29,000
Capricorn Commanders
Paul Collingwood - $100,000
Andrew Symonds - $80,000
Chamara Silva - $30,000
Ashwell Prince - $39,000
Upul Chandana - $30,000
Michael Vaughan - $550,000
Abdul Razzaq - $550,000
Ryan Mclaren - $64,000
Video Story