පුද්ගලික බැංකුවක් ඩොලරය 305/- ට විකුණයි

    March, 29, 2022

    මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් දෛනිකව ප්‍රකාශයට පත් කරනු ලබන විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයට විකුණුම් මිල අද (29) දිනයේ දී රු. 299.00 ක හා ඊට ආසන්න මිල ගණන්වල දී ගනුදෙනු වන බව නිරීක්ෂණය කළ හැකි විය.

    කෙසේවෙතත් අමානා බැංකුව විසින් අද දින ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ රු. 305.00 ක් ලෙසයි.

    වානිජ බැංකු කිහිපයක් විසින් අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල දක්වා තිබූ අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු.299.00

    මහජන බැංකුව - රු. 298.99

    කොමර්ෂල් බැංකුව - රු. 299.00

    සම්පත් බැංකුව - රු. 299.00

    සෙලාන් බැංකුව - රු.299.00

    HNB - රු. 299.00

    NTB - රු. 299.00

    DFCC - රු. 299.00

    NDB - රු. 299.50

    අමානා බැංකුව - රු.305.00