කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. ගනුදෙනු අතරමඟ ඇන හිටී

    March, 29, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 1.10 ට අත්හිටවනු ලැබිණි.

    S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

    ගනුදෙනු අත්හිටුවනු ලැබූ අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,674.00 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 3,334.53 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    2021 ඔක්තෝබර් 25 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    ගනුදෙනු යළි පස්වරු 1.40 ට ආරම්භ කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.