March, 29, 2022
අද (29) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ සඳහා ලැබී තිබුණු සියලු ලංසු ප්රතික්ෂේප කිරීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව පවසයි.
පරිණත කාල දෙකක් යටතේ රු. මිලියන 45,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
එහිදී 2025 මාර්තු 15 දින කල්පිරෙන 10.25%ක වාර්ෂික පොළී අනුපාතිකයක් යටතේ රු. මිලියන 25,000 ක බැඳුම්කර සහ 2029 මැයි 01 දින කල්පිරෙන අයුරින් 13.00% ක වාර්ෂික පොළී අනුපාතිකයක් යටතේ රු. මිලියන 20,000 ක බැඳුම්කර ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී පිළිවෙලින් රු. මිලියන 29,092 ක් හා රු. මිලියන 29,855 ක් බැගින් ලංසු ලැබී තිබුණු බව ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Video Story