කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 8කට සීමා වෙයි

    March, 30, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.30 ට ආරම්භ වුව ද එය ක්‍රියාත්මකව පැවතියේ මිනිත්තු 8 ක කාලයක් පමණි. ඒ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් ස්වයංක්‍රීයවම කොටස් ගනුදෙනු මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවීම හේතුවෙනි.

    ඒ අනුව පෙරවරු 10.38 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර නැවත පෙරවරු 11.08 ට කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා යළි විවෘත වීමට නියමිතය.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,288.91 ක් දක්වා ඒකක 358.64 කින් පහළ වැටී තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 3,153.33 ක් දක්වා ඒකක 184.70 කින් පහළ ගොස් තිබුණි.

    මෙය පූර්ව දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.72% ක් හා 5.53% ක කඩා වැටීමකි.