March, 30, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් දිනයේ දෙවැනි වරටත් දෛනික ගනුදෙනු අද පෙරවරු 11.10 ට අත්හිටුවන ලදී.
ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 508.03 කින් පහළ ගොස් ඒකක 9,139.52 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 266.47 කින් පහළ ගොස් ඒකක 3,071.56 ක් ලෙසින් වාර්තා වුණි.
එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.27% ක හා 7.98% ක පහළ යාමක් වේ.
Video Story