කොටස් ගනුදෙනු විනාඩි 2කට සීමා වෙයි

    April, 1, 2022

    අද දින පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු සඳහා පෙරවරු 10.30 ට විවෘත කෙරුණ ද S&P SL20 දර්ශකය පෙර දිනයට වඩා 5%ක් ඉක්මවූ අගයයකින් පහළ යාම හේතුවෙන් පෙරවරු 10.32 ට ගනුදෙනු පද්ධතිය ස්වයංක්‍රීයවම අත්හිටුවනු ලැබිණි.

    පෙරවරු 11.02ට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 348.24 කින් පහළ ගොස් ඒකක 8,555.63 ක් ලෙසත්, S&P SL20 දර්ශකය  ඒකක 168.23 කින් පහළ ගොස් ඒකක 2,862.93 ක් ලෙසත් සටහන්ව තිබුණි.