April, 1, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු අද පෙරවරු 10.32 ට පළමු වතාවට අත්හිටුවීමෙන් අනතුරුව පෙරවරු 11.02 ට නැවත ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘත වුව ද එය මිනිත්තුවක කාලයකට පමණක් සීමා විය.
ඒ පෙර දිනයට සාපේක්ෂව 7.5% කට වැඩි අගයයකින් S&P SL20 දර්ශකය කඩා වැටීම හේතුවෙනි.
කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ පෙරවරු 11.33 ට නැවත වතාවක් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත කරනු ලබන බවයි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,375.91 ක් දක්වා ඒකක 527.96 කින් ද S&P SL20 දර්ශකය ඒකක 2,739.82 ක් දක්වා ඒකක 291.34 කින් ද විශාල ලෙසින් පහළ ගොස් තිබුණි.
මෙය පිළිවෙලින් 5.93% ක හා 9.61% ක කඩා වැටීමක් වේ.
Video Story