මහ බැංකුවෙන් තීරණයක් අඟහරුවාදා

    April, 1, 2022

    2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2022 අප්‍රේල් මස 05 වැනි අඟහරුවාදා පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    2022 අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය මාර්තු 03 දින නිවේදනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී.

    විශ්ලේෂකයින් පවසන්නේ පවතින උද්ධමනකාරී තත්ත්වය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල සැලකිය යුතු වෙනසක් මෙවර සිදුවනු ඇති බවයි.