නැවත දැනුම් දෙන තුරු කොටස් වෙළෙඳපොළ විවෘතව පවතින්නේ මෙහෙමයි

    April, 4, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව අද (04) සිට බලපැවැත්වෙන පරිදි පැය 2කට පමණක් සීමා වනු ඇත.

    මේ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘතව පවතී.

    මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ යළි දැනුම් දෙන තුරු මෙම තීරණය බලපැවැත්වෙන බවයි.

    මේ අනුව ගනුදෙනු සැසි පහත පරිදි වේ.

    පූර්ව ගනුදෙනු සැසිය - පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා

    විවෘත වෙන්දේසිය - පෙරවරු 10.30

    දෛනික ගනුදෙනු - පෙරවරු 10.30 ට ආරම්භ වේ

    වෙළෙඳපොළ සමාප්තිය - පස්වරු 12.30