තේ අලෙවියෙන් වාර්තා පිට වාර්තා තබයි

    April, 4, 2022

    2022 මාර්තු මස 29 වෙනි දින පැවති කොළඹ තේ වෙන්දේසියේදි, ප‍්‍රකට සමාගමක් වන ඒෂියා සිියක කොමොඩිටීස් පී එල් සී සමාගම (Asia Siyaka Commodities PLC.)  තේ අලෙවියේ නව වාර්තා කිහියක් බිහි කිරීමට සමත් විය.

     

    බ‍්‍රවුන්ස් වැවිලි සමාගමට අනුබද්ධ හපුගස්තැන්න වැවිලි සමාගම මගින් පාලනය කරනු ලබන ඌව පළාතේ ඌඩුවර (Oodoowerre) තේ කම්හල මගින් නිපදවා ඌඩුවර (Oodoowerre) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ එෆ් බී ඕ පී" (FBOP)  වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රසිද්ධ තේ් ගැණුම්කරුවකු වන එන්රිච් ටී ඇන්ඞ් ෆුඞ් පුද්ගලික සමාගමට (Enrich Tea & Food  Exports (Pvt) Ltd.) රු: 2,000.00 ක මිලකට අලෙවි කරමින් නව වාර්ථාවක් තැබූහ. මෙයට ප‍්‍රථම කොළඹ තේ වෙන්දේසියේදි ඌව උඩරට ”එෆ් බී ඕ පී ”(FBOP) තේ වර්ගය සඳහා පැවති උපරිම මිල රු. 1,600.00 කි.

     

    ඌව පලාතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ හාලිඇල ප‍්‍රදේශයේ පිහිටා ඇති මල්වත්තවැලි වැවිලි සමාගම මගින් පාලනය කරනු ලබන දික්වැල්ල (Dickwella) තේ කම්හල මගින් නිපදවා දික්වැල්ල (Dickwella) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ එෆ් බී ඕ පී එෆ් 1” (FBOPF1) වර්ගයේ තේ කිලෝවක් රු: 1,700.00 කට, අලෙවි කරමින් නව වාර්ථාවක් පිහිටුවන ලදි. මෙම තේ තොගය මිලදී ගනු ලැබුවේ ප‍්‍රකට තේ ගැණුම්කරුවකු වන ඉම්පීරියල් ටීස් පුද්ගලික සමාගම (Imperial Teas (Pvt) Ltd. ) විසිනි. මෙයට ප‍්‍රථම කොළඹ තේ වෙන්දේසියේදි ඌව මැද රට ”එෆ් බී ඕ පී එෆ් 1” (FBOPF1) තේ වර්ගය සඳහා පැවති උපරිම මිල රු. 1,450.00 කි.

    තවද, ප‍්‍රකට තේ ගැණුම්කරුවකු වන සිලෝන් ටී මාර්කටින් සමාගම (Ceylon Tea Marketing  Ltd.) ට දික්වැල්ල (Dickwella) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ ”බී ඕ පී එෆ් ස්පෙෂල් ” (BOPFSP) වර්ගයේ තේ කිලෝවක් රු: 1,550.00 කට, අලෙවි කරමින් නව වාර්ථාවක් තැබූහ. මෙයට ප‍්‍රථම කොළඹ තේ වෙන්දේසියේදි ඌව මැද රට ”බී ඕ පී එෆ් ස්පෙෂල් ” (BOPFSP) තේ වර්ගය සඳහා පැවති උපරිම මිල රු. 1,350.00 කි.

    රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ ප‍්‍රදේශයේ පිහිටා ඇති බලංගොඩ වැවිලි සමාගම මගින් පාලනය කරනු ලබන බලංගොඩ (Balangoda) තේ කම්හල මගින් නිපදවා මාරතැන්න (Maratenna) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ ”බී ඕ පී 1”(BOP1) වර්ගයේ තේ කිලෝවක් රු: 1,950.00 කට, වෑන් රීස් සිලෝන් සමාගම (Van Rees Ceylon Ltd) ට අලෙවි කරමින් නව වාර්ථාවක් පිහිටුවන ලදි. මෙයට ප‍්‍රථම ඌව මැද රට ”බී ඕ පී 1” (BOP1) තේ වර්ගය ලබා ගත් උපරිම මිල රු: 1,550.00 කි.

    සාමවිනිසුරු ඛී. වී. ජයවර්ධන මහතාට අයත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ සන්නස්ගම ප‍්‍රදේශයේ පිහිටි නවගමුවහේන තේ කම්හල මගින් නිපදවා නවගමුවහේන(Nawagamuwahena) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ ” බී ඕ පී ස්පෙෂල් ”(BOPFSP) වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රකට තේ් ගැණුම්කරුවකු වන වින්ටේජ්් ටීස් සිලෝන් පුද්ගලික සමාගම (Vintage  Teas Ceylon (Pvt) Ltd) ට රු: 1,950.00 කට අලෙවි කරමින් තවත් නව වාර්ථාවක් තැබූහ. මෙයට ප‍්‍රථම පහත රට ” බී ඕ පී ස්පෙෂල් ” (BOPFSP) තේ වර්ගය සඳහා කොළඹ තේ වෙන්දේසියේදී ලද උපරිම මිල රු.1,650.00 කි.

    දේශබන්දු අරුණ ද සිල්වා මහතාට අයත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ හොරන්ගල්ල ප‍්‍රදේශයේ පිහිටි එවර්ග‍්‍රීන් තේ කම්හල මගින් නිපදවා ගෝල්ඩන් ගාර්ඞ්න් (Golden Garden) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ ” ඕ පී ” (OP) වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රකට තේ් ගැණුම්කරුවකු වන සිලොන් ටී මාර්කටින් සමාගම (Ceylon   Tea Marketing  Ltd) ට රු: 2,300.00 අලෙවි කරමින් තවත් නව වාර්ථාවක් තැබූහ. මෙයට ප‍්‍රථම පහත රට ” ඕ පී ” (OP) වර්ගයේ තේ කිලෝවක් සඳහා පැවති උපරිම මිල රු. 2,150.00 කි.

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ පිටිගල ප‍්‍රදේශයේ පිහිටි බ්‍රොම්බිල් තේ කම්හල මගින් නිපදවා බ්‍රොම්බිල් (Brombil) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ ” බි ඕ පී ” (BOP) වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රකට තේ් ගැණුම්කරුවකු වන ෂාන් ටීස් පුද්ගලික සමාගම (Shan Teas (Pvt) Ltd) ට රු: 2,000.00 කට අලෙවි කරමින් තවත් නව වාර්ථාවක් තැබූහ. මෙයට ප‍්‍රථම පහත රට ” බි ඕ පී ” (BOP) වර්ගයේ තේ කිලෝවක් සඳහා පැවති උපරිම මිල රු. 1,650.00 කි. මෙම තේ කර්මාන්තශාලාවෙහි අයිතියද දේශබන්දු අරුණ ද සිල්වා මහතා සතුය.

    තලවකැළේ වැවිලි සමාගම මගින් පාලනය කරනු ලබන මට්ටකැළේ් (Mattakelle) තේ කම්හල මගින් නිපදවා මට්ටකැළේ් (Mattakelle) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ ”ඩස්ට් 1” (Dust 1 ) වර්ගයේ තේ කිලෝවක් රු.1,300.00 කට, ප‍්‍රකට තේ් ගැණුම්කරුවකු වන එම් පී සී එස් හෝමාගම (M P C S Homagama) ට අලෙවි කර තවත් නව වාර්ථාවක් තැබූහ. ”ඩස්ට් 1” (DUST 1 ) වර්ගයේ තේ කිලෝවක් සඳහා මෙයට ප‍්‍රථම කොළඹ තේ වෙන්ද්සියේදී ලබාගත් උපරිම මිල වූයේ රු. 1,200.00 කි.