April, 4, 2022
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්උපදෙස් ලබා ගන්නා ලෙස, ශ්‍රී ලංකාව දිරිමත් කළේය.
2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා උපකාරී වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහය ලබා දීමට AIIB ආයතනය සූදානමින් සිටින බව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.
Video Story