April, 5, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපී පෙනෙන ඉහළ යාමක් අද (05) දිනයේ වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය 5.99% ක හා S&P SL20 දර්ශකය 6.98% ක දැවැන්ත වර්ධනයක් අද දින වාර්තා කර තිබේ.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,738.08 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2872.26 ක් ලෙසින් සටහන්ව තිබුණූ අතර එය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව ඒකක 493.53 ක හා ඒකක 187.44 ක ඉහළ යාමක් වේ.
මේ අතර රු. බිලියන 1.13 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.
Video Story