April, 8, 2022
අද (08) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310.88 ක් සහ විකුණුම් මිල රු. 321.49 ක් ලෙසින් දක්වා ඇත.
මේ අතර අද දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රු. 325 ක් ලෙස සටහන් කර තිබුණි.
පහත දැක්වෙන්නෙ අද දින වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු ආකාරයයි.
ලංකා බැංකුව - රු. 323.00
මහජන බැංකුව - රු. 324.99
සම්පත් බැංකුව - රු. 325.00
සෙලාන් බැංකුව - රු. 323.00
HNB - රු. 325.00
NDB - රු. 320.00
DFCC - රු. 320.00
අමානා බැංකුව - රු. 320.00
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - රු. 320.00
Video Story