April, 11, 2022
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මේ මොහොතේ කටයුතු කරනු ලබන්නේ සියලු කාර්යයන් අසාර්ථක කරගැනීමෙන් පසුව බවත්, මේ මොහොතේ දී මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙත මුදල් ආධාර ලබා දීමට නොහැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (11) පෙරවරුවේ අද දෙරණ 24 ඔස්සේ විකාශය වූ ‘Big Focus‘ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවට මුදල් ආධාර කළ හැක්කේ, ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර නම් පමණක් බවයි.
මුලින්ම අවබෝධ කරගන්න ඕන දේ තමයි IMF එකට මේ වෙලාවේ අපට සල්ලි දෙන්න බෑ. IMF එකට සල්ලි දෙන්න පුළුවන් අපේ රටේ ණය ස්ථාවර නම් පමණයි. එතකොට IMF වාර්තාවේ කියලා තියනවා debt is unsustainable කියලා. ඒ කියන්නේ ඔවුන්ට අපට සල්ලි දෙන්න බෑ.
නමුත් ඔවුන් අපිත් එක්ක බැඳිලා ඉන්නවා, අපි සාමාජිකයෙක් නිසා තාක්ෂණික සහයෝගය ලබා දෙන්න. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕන, දැන් මේ ඇවිල්ලා තියන ප්‍රශ්න ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ, අපි IMF ගියෙත් නැහැ, නැගෙනහිර ජැටිය දුන්නේත් නැහැ, MCC අත්සන් කළේත් නැහැ, මොකක්වත් කරන්නේ නැතුවනේ අපි මෙතනට ඇවිත් තියෙන්නේ. එතකොට මොකක් හරි අපි ගත්ත ප්රතිපත්තිවල වරදක් තියනවනේ. මෙච්චර මේ මිනිස්සු ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ IMF ගියේ නැති නිසානේ. යන්නේ නැතුවනේ. එතකොට අපි එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕන.
එතකොට IMF ගියාට පස්සේ සල්ලි ගන්න අමාරුයි, තාක්ෂණික සහය තමයි ගන්න පුළුවන්. ඉතින් සමහර රටවල් තියනවා ගොඩ එනවා කියලා කියන්නේ, IMF එක කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ තමයි. විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ ඒකෙන් අදහස් කරන්නෙ නෑ මේ ගොල්ලෝ ඔක්කොම දන්නවා කියලා. මේ ඇවිල්ලා අපි අර කියන්නේ අසනීප වෙලා, අපි වැරදි විදිහට කෑම කාලා ඔක්කොම සවුත්තු වෙලා දැන් හිර වෙලා කොන්ද රිදිලා ඔක්කොම වෙලා හාර්ට් එක අමාරු වුණාට පස්සේ අපිට වෙන Option එකක් නැහැනේ. එතකොට යන last resort එක තමයි IMF එක.
ඉතින් අපි last resort එකට 16 වතාවක් ගිහින් තියනවා. එකක් අර ඔබතුමන්ලගේ සාකාච්ඡාවේ හිටපු අග්‍රාමාත්‍යතුමා කියලා තියනවා IMF එකේ ලංකාවටයි පකිස්තානයටයි අනිවාර්ය ඇඳන් දෙකක් තියලා තියනවා, ඔක්සිජන් එකක් තියලා තියනවා කිව්වා ආජන්ටිනාවට. ඉතින් ලංකාව 16 වතාවක් ගිහිල්ලා තියනවා කලින්. එතකොට මේ ඇවිල්ලා IMF එකට යන එක ඇවිල්ලා අර අපේ භාෂාවෙන් අන්තිමම අපි වැඩේ අනාගත්තට පස්සේ තමයි යන්නේ. සමහර රටවල් තියනවා, ඒකෙන් ගත්ත සහයෝගය අරගෙන ඉස්සරහට ගිහිල්ලා තියනවා. ඇත්තටම මම දැක්කා ජනාධිපතිතුමා පත් කරලා තියන කමිටුවේ ශාන්තන් දේවරාජන් මහත්මා ප්‍රකාශ කරා රටවල් බොහොමයක් IMF එකට ගියාට පස්සේ යම් කිසි ස්ථාවර තත්ත්වයකට ආවා කියලා ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කළානම්. ඉතින් ඒක තමයි එතුමාගේ හැදැරීම ඒක මගේ හැදෑරීම නෙවෙයි. නමුත් අපි IMF එකට යන්නේ සම්පූර්ණයෙන් වැඩේ අනාගත්තට පස්සේ. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන්නේ IMF එකට නොයන විදිහට වැඩ කරගන්න.
Video Story