April, 12, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25 ක් තුළ වාර්තා වූ ඉහළම පොලී අනුපාත වාර්තා වී තිබේ.
මේ අනුව එක් එක් කල්පිරීමේ කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොලිය පහත දැක්වෙන ලෙස ඉහළ ගොස් ඇත.
දින 91 - 14.12% සිට 19.71% දක්වා
දින 182 - 15.36% සිට 22.73% දක්වා
දින 364 - 15.69% සිට 23.36 දක්වා
මේ අතර ඊයේ (11) විකාශය වූ දෙරණ 360 වැඩසටහන සමඟ එක්වෙමින් මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂා ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.
අද වෙන්දේසියට ඉදිරිපත් කරලා තිබ්බා භාණ්ඩාගාර බිල්පත් වටිනාකම රු. බිලියන 87 1/2 ක්. ගොඩාක් කල් පසුගිය මාස කිහිපය තුළ මේකෙන් පොඩි ගාණයි ගන්නේ. ඇයි පොඩි ගාණක් ගන්නේ?ඒකට ගෙවන පොලිය ඉතාමත්ම අඩුයි. දැන් 7 1/2% ට කළෙත් මේ ළඟදී. ඊට කලින් 5%ට තමයි තියන් හිටියේ. 5%ට වඩා ගෙව්වේ නැහැ වෙන්දේසියේ දී ලංසුවලට.
අද උදාහරණයක් හැටියට අද ඉදිරිපත් කරපු බිලියන 87 1/2 ට ලංසු ඉදිරිපත්වෙලා තිබෙනවා බිලියන 108.7 කට. ඒකෙන් බිලියන 82ක් මේ ගොල්ලෝ අරගෙන තියෙනවා, වෙළෙඳපොළෙන්. මේ බිලියන 82 වෙළෙඳපොළෙන් ගත්තා කියන්නේ ඒවා මුද්‍රණය කරන්න ඕනේ නැහැ.
Video Story