විදෙස් ණය ගෙවීම තාවකාලිකව නවතයි

    April, 12, 2022

    ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය අනුව ජාතන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ආර්ථික ගැළපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම වගකීම් ක්‍රමානුකූලව සහ සමමිතික ලෙස ප්‍රතිව්‍යූහගතකරණය සිදුකරන තෙක් සියලුම බලපෑමට ලක්ව ඇති රාජ්‍ය ණය සඳහා සාමාන්‍ය ණය සේවාකරණය අන්තර්කාලීනව නවතාලීමට කටයුතු කරනු ලබන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අද (12) ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව 1948 නිදහස ලැබූ දා සිට විදේශ ණය සේවා ගෙවීම් සිදුකිරීම කිසිදිනෙක පැහැර හැර නැහැ. කෙසේ වුවත්, කොවිඩ් 19 වසංගතය බලපෑම සහ යුක්‍රේනයේ සිදුවන සටන් නිසා ඇතිවන අහිතකර තත්ත්වයන් ද ඇතුළුව මෑත කාලීන සිදුවීම් නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහීමකට ලක්ව ඇත.

    පසුගිය සතියේ අගභාගයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය තිරසාර නොවන බව තක්සේරු කරන ලදී. මෙම කටුක යථාර්ථයට මුහුණ දීමේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ වැඩසටහනක් නිර්මාණය කර ගැනීම සහ හදිසි මූල්‍ය සහාය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ප්‍රවේශ වී ඇත.

    එම නිසා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාතන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ආර්ථික ගැළපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම වගකීම් ක්‍රමානුකූලව සහ සමමිතික ලෙස ප්‍රතිව්‍යූහගතකරණය සිදුකරන තෙක් සියලුම බලපෑමට ලක්ව ඇති රාජ්‍ය ණය සඳහා සාමාන්‍ය ණය සේවාකරණය අන්තර්කාලීනව නවතාලීමයි.

    මෙම ප්‍රතිපත්තීන් පහත දැක්වෙන විදේශ ණය සඳහා අදාළ වේ.

    1. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළේ නිකුත් කර ඇති සියලු පියවීමට ඇති බැඳුම්කර කාණ්ඩ
    2. ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ මහ බැංකු අතර පවතින විදේශ විනිමය පහසුකම් හැර සියලු ද්විපාර්ශවීය, රජයකින් රජයට ලබා දී ඇති ණය
    3. ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් ණ්‍යගැතියා වන වානිජ බැංකු හෝ ආයතනික ණය දෙන්නන් සමඟ ඇති සියලුම විදේශ මුදලින් නාමනය කරන ලද ණය ගිවිසුම් හෝ ණය පහසුකම්. එම ආයතන විදේශ රජයටන්ට අයිති හෝ පාලනය වන අවස්ථාවන් ද ඇතුළත්ව සහ තෙවන පාර්ශවයක ණය සඳහා සකස් කර ඇති ඇපකර හෝ සමාන මූල්‍ය පොරොන්දු මත රජය හෝ රාජ්‍ය අංශය විසින් ගෙවිය යුතු අන්තර්කාලීන පරිච්ඡේදයේ කැඳවුම් ලබන සියලු අගයයන් මෙයට අයත් වේ.