April, 18, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
ඔහුගේ නිල ට්විටර් ගිණුම මේ වන විට නොපවතින බව එය පිරික්සීමේ දී නිරීක්ෂණය වේ.
එසේම සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි ද විවෘත තොරතුරු අනාවරණය සීමා කිරීමට කටයුතු කර ඇති බව දැක ගත හැකිය.
කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත්වන බවට සිදුකරන ලද දැනුම් දීම ද කරන ලද්දේ ට්විටර් පණිවුඩයක් මගිනි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිරන්තරයෙන් සිය අදහස් ට්විටර් හරහා ප්‍රකාශයට පත්කරලීමට පුරුදු වී සිටි අයෙකි.
Video Story