ඩොලරය රු. 345 ක් බව ජාත්‍යන්තර බැංකුවක් කියයි

    April, 19, 2022

    අද (19) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතයන් ඊයේ (18) දින වාර්තා වූ මට්ටමේම පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

    ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340 ක් ලෙසින් වානිජ බැංකු ගණනාවක්ම දක්වා තිබුණි.

    කෙසේවෙතත් මෙරටට මෙහෙයුම් කටයුතු සිදුකරන ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට අනුව ඩොලරයක විකුණුම් මිල සහ ආනයන සඳහා ගෙවීම් කරනු ලබන ඩොලරයක අනුපාතය රු. 345 ක් ලෙසින් දක්වා තිබුණි.

    සෙසු මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී දක්වා තිබුණේ පහත ආකාරයටයි.

    ලංකා බැංකුව - රු. 340.00

    මහජන බැංකුව - රු. 339.99

    සම්පත් බැංකුව - රු. 340.00

    සෙලාන් බැංකුව - රු. 340.00

    කොමර්ෂල් බැංකුව - රු. 335.00

    DFCC - රු. 337.00

    HNB - රු. 340.00

    NDB - රු. 340.00

    අමානා බැංකුව - රු. 340.00