පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව සල්ලි අච්චු ගැසීම තහනම් කරන්න – රනිල්

    April, 20, 2022

    මෙරට මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව යටතට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ය. ඊයේ (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී සභාහ අමතමින් මන්ත්‍රී  වරයා විසින් මේ බව පවසා සිටියේය.

    ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ මහ බැංකුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව නව මුදල් මුද්‍රණය කිරීම තහනම් කළ යුතු බවයි.

    "එදා අපේ රාජ්‍ය කොමිටියේ සභාපති චරිත හේරත් මන්ත්‍රී තුමා කිව්වා ඔක්කොම පාලනය කළා කියලා. ඔබ තුමා ඔක්කොම පාලනය කළා නම් කොහොමද ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් ගුවන් යානා 25ක් ගේන්නේ, අපිට එතුමා කිව්වා මේක පාඩු ලබන ආයතනයක් කියලා. එතුමා කිව්වා මේක විකුනන්න ඕන කියලා. මේයා කියනවා අපි පාඩු ලබන්නේ නැහැ, අපේ මුදල් වලින්. ඉතින් ඉස්සෙල්ලා ගෙවන්න කියන්නකෝ ලංකා බැංකුවේ තියන ණයට. ඒක අපි නවත්තන්න ඕන. නවත්තලා ක්‍රියා කරන්න ඕන. පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම මූල්‍ය පාලනය අපි අතට ගන්න ඕන.

    මම ඒ සඳහා කෙටුම් පතක් ඉදිරිපත් කරනවා. ඒකේ ප්‍රධාන කරුනු ගැන මම කියන්න කැමති. අපිට තියනවා මේ කොමිටි වලට බලතල වැඩි කරන්න. ඒ වගේම අපේ යුතුකමක් තිවනවා මේ තියන ඔක්කොම ප්‍රාග්ධන වියදම් දැනට නවත්තන්න. විෂේශයෙන්ම අලුත් ව්‍යාපෘත් ගැන මේ සභාවට තීරණය කරන්න පුලුවන්. ඒ වගේම මේ ඉඩම් අනිත් දේපල රජයේ දේපල විකුණන එක නවත්තලා ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න. පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැතව මේක කරන්න එපා. අගමැති තුමාගෙන් විෂේශයෙන් ඉල්ලනවා අගෝස්තු මාසය වෙනකන් මේ රටේ ආහාර, බෙහෙත්, පොහොර සහ ඉන්ධන තත්ත්වය මොකක් ද කියලා මේ සුමානෙම මේක ඉදිරිපත් කරන්න. ඒ එක්කම අලුතින් කොමිටි කිහිපයක් පත් කරන්න. 

    මම එකක් ආපහු ඉල්ලනවා මේ අධීක්ෂණ කොමිටි 20 ආපහු පත් කරන්න. ඒ වගේම මහ බැංකුවට පාර්ලිමේන්තුවේ අනුමැතිවය නැතුව මුදල් මුද්‍රණය කරන එක තහනම් කරන්න."