උගන්ඩාවට යැවූ මුදල් ගැන ආණ්ඩුවෙන් පූර්ණ පිළිතුරක් අද සවස 4ට

    April, 20, 2022

    උගන්ඩාවට මුදල් යැවීම සම්බන්ධයෙන් අද (20) සවස 4 ට පූර්ණ පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය පාර්ලිමෙනේතු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. අද පෙරවරුවේ දී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    උගන්ඩාවේ පිළිබඳ ප්‍රශ්නය මම අද හවස 4ට පූර්ණ පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

    තොරතුරු දැන ගැනීමේ පනත හරහා කස්ටම් එකට යවලා දැනගන්න පුළුවන් සියලුම සමාගම් පිළිබඳව. ඒ වගේම පැහැදිලිව කියන්න කැමතියි ලංකාවේ තමයි තියෙන්නේ මුළු ලෝකෙම සෙන්ට්‍රල් බෑන්ක්වලින් ලංකාවේ තමයි 1/4 කට මුදල් ප්‍රින්ට් කරන්නේ.

    ප්‍රින්ට් කරලා ලංකාවේ බියගම තියෙන ඩෙලාරූ කියන, මේක තමයි ලංකාවේ ප්‍රින්ට් කරලා යන්නේ. මේකට සම්පූර්ණ උත්තරේ අපි දෙන්නං, මේකේ ලංකාවේ කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නං ඕන කෙනෙක් ඔප්පු කරන්න.

    හැබැයි අපි පැහැදිලිව අද හවස 4 ට සියලුම ඩොකියුමන්ට්ස් සියලුම දේවල් එක්ක අපි සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා.