ආර්ථිකය පොඩි ළමයෙකුට භාර දුන්නා නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න තිබුණා

    April, 25, 2022

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවති දුර්වලම ආර්ථික පරිපාලනය 2020/ 2021/ 2022 යන වසර තුනෙහි සිදුව ඇති වග IMF වාර්තාවන්ට අනුව නිරීක්ෂණය කළ හැකි බව ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. පසුගිය (23) දා විකාශය වූ දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    “අපේ තියන මේ අවුල් වියවුල් නිසා, අපි සම්පූර්ණයෙන්ම අපට තියන අවශ්‍යතා දන්වන්න බැරි තත්ත්වයක් වගේ තිබිලා තියනවා. අපි ප්‍රමාද වැඩියි. මොකද දිග කාලයක් අපි මේක වාද විවාද කර කර හිටියා, IMF හොඳද නරක ද, ඒ් ගොල්ලන්ගේ අඩුපාඩු මොනව ද කතා කර කර ඉන්න අතරතුර අරගොල්ලන්ගේ වැඩසටහන සාමන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මම සතුටු වෙනවා විශේෂයෙන් අලුත් මුදල් අමාත්‍යතුමා සහ අපේ මහ බැංකුවේ අධිපතිතුමා ආවට පස්සේ ඉක්මනට මැදිහත් වෙලා දැන් ඒ කටයුතුත් කර ගෙන යනවා. මොකද අර rapid deployment fund එකක් තියනවා. ඒ ගොල්ලන්ගේ හදිසි අවස්ථා, අපිට මේ වෙලාවේ ඇත්ත වශයෙන් අර ඔබතුමා කිව්වා වගේ ඉලක්ක කරන්න වෙන්නේ ඒකයි. දැන් අපේ හදිසි තත්ත්වයක් තියෙන්නේ. මේකේ අපේ හදිස්සි ප්‍රශ්න තියනවා ඒවට මධ්‍ය කාලීන විසදුම් තියනවා, දීර්ඝ කාලීන විසඳුම් තියනවා.“

    නමුත් දැන් අපේ ආර්ථිකේ තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ ?

    “මේ වෙලාවේ දැඩි සත්කාර ඒකකයේ, මේ වෙලාවේ තමයි අපිට අර rapid deployment fund එක ගැන හිතන්න වෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හරි වෙලාවට අපි ඒ්ක යවලත් නැහැ. වෙන වෙනත් ප්‍රශ්න තියනවා ඒ්ක ගැන, මොක ද සාමාන්‍යයෙන් ඒ ගැන විමර්ශනය කරන්න ඕනෑ. අනිත් එක අද ලෝක බැංකුවයි, IMF එකයි දෙකම හුඟක් දුරට ඌන සංවර්ධිත රටවල් ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඒ කෙසේ හෝ දැන් ඒ සාකච්ඡා යනවා. දැන් මම බැලුවා අපේ ඒ වාර්තාව, මොකද  මේකේ පදනම IMF වාර්තාවනේ. ඒ වාර්තාවේ පේන දේ තමයි ඉතාමත් දුර්වල ආර්ථික පරිපාලනයක්. 2020/ 2021/ 2022 කියන්නේ ලංකා ඉතිහාසයේ දුර්වලම ආර්ථික පරිපාලනය. ඒ ගැන සැකයක් නැහැ. කවුරුත් ඒ ගැන වාද විවාද කරන්නෙත් නැහැ. අර අපේ ගම්වල කියන්න වගේ මීට වඩා හොදයි මේක පොඩි ළමයෙකුට භාර දෙන්න කියන්නේ, පොඩි ළමයෙකුට භාර දුන්නත් මීට වඩා හොද ප්‍රතිඵල ගන්න තිබුනා.“