ඩඩ්ලිගේ ‘අරලිය’ පොහොර

    April, 25, 2022

    මෙරට ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා, සිය 'අරලිය' සන්නාමය යටතේ දේශීය වෙළෙඳපොළට, පොහොර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

    ඕනෑම රටක ජාතික ආර්ථිකයක් බිහිකිරීමට පෙර, රටක් තුළ බිහිකළ යුත්තේ දේශීය ව්‍යවසායකයන් බවත්, එහෙත් වසර හතළිහක පමණ වෙළෙඳපොළ ආර්ථිකය තුළ බිහිවී ඇත්තේ ව්‍යවසායකයන් නොව ව්‍යාපාරිකයන් බවත් පවසන ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටින්නේ තමන්ට අවශ්‍ය එම ක්‍රමවේදය වෙනස් කරමින් රට තුළ නිෂ්පාදනයන් ඉහළ දැමීමට බවයි.

    ඒ අනුව සැලසුම් කළ පරිදී අතිශය සහන මිලකට ලාංකේය වෙළඳපොළ අතික්‍රමණය කිරීමට යන අරලිය පොහොර, දේශීය වෙළඳපොළට සාපේක්ෂව විදෙස් වෙළඳපොළද නොබෝ දිනකින්ම අතික්‍රමණය කරනු දැකීම තමාගේ මුඛ්‍ය පරමාර්ථය බව ඔහු සඳහන් කරයි.