April, 25, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.31 ට අත්හිටුවන ලදී.
S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක අගයයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.
කොටස් වෙළෙඳපොළ වසා දමන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 541.86 කින් හා S&P SL20 දර්ශකය ඒකක 185.32 කින් පහළ ගොස් තිබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,593.39 ක් ලෙසත් , S&P SL20 දර්ශකය ඒකක 2,438.58 ක් ලෙසත් වාර්තා වේ.
මීට පෙර අවසන් වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිඳු වුණේ මීට සති දෙකකට පෙර එනම් 2022/04/08 වනදා යි.
Video Story