කොටස් වෙළෙඳපොළ වසා දමයි

    April, 25, 2022

    S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ට වඩා පහත වැටීම හේතුවෙන් කොටස් ‍වෙළෙඳපොළ කටයුතු අද දින දෙවන වරටත් අත්හිටුවන ලදි.

    මෙම තත්ත්වය හේතුවෙන් අද (25) දිනයේ දී කොටස් ‍වෙළෙඳපොළ වසා දැමීමට ද තීරණය කර ඇත.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,354.64 ක් දක්වා ඒකක 780.61 කින් ද S&P SL20 දර්ශකය ඒකක 2,292.32 ක් දක්වා ඒකක 331.58 කින් ද විශාල ලෙසින් පහළ ගොස් තිබුණි.

    මෙය පිළිවෙලින් 9.60% ක හා 12.64% ක කඩා වැටීමක් වේ.