April, 25, 2022
මෙරට ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක වෙනුවෙන් වූ ඉහළම රුපියල් අගය අද (25) දිනයේ දී වාර්තා වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයක ගැනුම් මිල රු. 330.00 ක් හා විකුණුම් මිල රු. 342.49ක් ලෙසින් සටහන්ව ඇත.
මේ අතර අද (25) දිනයේ මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 345 සීමාවේ පැවති බව නීරීක්ෂණය කළ හැකි විය.
වාණිජ බැංකු කිහිපයක් ඩොලරයේ විකුණුම් මිල අද දක්වා තිබුනේ පහත අයුරිනි.
ලංකා බැංකුව - රු. 345.00
මහජන බැංකුව - රු. 339.99
සම්පත් බැංකුව - රු. 345.00
සෙලාන් බැංකුව - රු. 345.00
කොමර්ෂල් බැංකුව - රු. 340.00
DFCC - රු. 337.00
HNB - රු. 345.00
NDB - රු. 345.00
අමානා බැංකුව - රු. 345.00
Video Story