දෙවැනි වරටත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇන හිටී

    April, 26, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 11.02 ට නැවත වරක් අත්හිටුවන ලදී. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට වඩා 7.5% ක ප්‍රමාණයකින් පහළ යාම හෙතුවෙන් දෛනික ගනුදෙනු මෙලෙස ස්වයංක්‍රීයවම අත්හිටුවීමක් සිදුව තිබේ.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,965.35 ක් දක්වා ඒකක 548.50 කින්ද S&P SL20 දර්ශකය ඒකක 2,146.38 ක් දක්වා ඒකක 209.16 කින්ද එම අවස්ථාවේ දී පහළ ගොස් තිබුණි.

    මෙය පිළිවෙලින් 7.30% ක හා 8.88% ක කඩා වැටීමක් වේ.

    රු. මිලියන 530.89 ක ගනුදෙනු පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබුණි.

    අද දිනයේ පළමු වරට පෙරවරු 10.31 ට ගනුදෙනු අත්හිටුවීමක් සිදුවූ අතර මේ එලෙස සිදුවූ දෙවැනි අවස්ථාවයි.

    පෙරවරු 11.32 ට දෛනික ගනුදෙනු සැසිය යළි ආරම්භ වීමට නියමිතය.