ඩොලර් අර්බුදයට ලැබුණු විසඳුම් යෝජනා විශ්ලේෂණයට කමිටුවක්

    April, 26, 2022

    විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලබන විදේශ විනිමය හා බලශක්ති සැපයුම් ආශ්‍රිත මූල්‍ය යෝජනා ඇගයීම පිණිස යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
    රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියම් වශයෙන් ඇතැම් මිත්‍රශීලී රාජ්‍යයන්, ජාත්‍යන්තර සැපයුම්කරුවන් හා දේශීය පෞද්ගලික අංශ විසින් විවිධ ස්වරූපයේ ද්විපාර්ශ්වික සහන ණය, බලශක්ති සැපයුම් සහ බලශක්ති ක්ෂේත්‍රය ආශ්‍රිත යෝජනා ඉදිරිපත් කරනු ලබයි.
    එලෙස ඉදිරිපත් කරන ඇතැම් යෝජනා, රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය සඳහා ඵලදායී යෝජනා බවට නිරීක්ෂණය වුවද ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින ක්‍රමවේද තුළ නිශ්චිත අවකාශයක් නොමැත.
    එබැවින්, එම යෝජනාවල කාලීන වැදගත්කම සලකා බලා ඒවා විශ්ලේෂණය කර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ (04) සහභාගිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරිම පිණිස අග්‍රාමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.