ශී‍්‍ර ලංකාවේ වත්මන් අර්බුදය හැසිරවීමේදී, ළමුන්ගේ අවශ්‍යතාවයන්ට ප‍්‍රමුඛත්වය ලබා දෙන්න – UNICEF

    April, 26, 2022

    ශී‍්‍ර ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි විවෘත අදහස් දැක්වීමක්

    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRC) 3(1) වගන්තියට අනුව, “ළමුන් සම්බන්ධයෙන් සිදුකරනු බලන සියලූම කි‍්‍රයාවලදී ළමයාගේ උපරිම යහපත මූලික වශයෙන් සලකා බැලිය යුතුය”.

    මෙයින් සරලව අදහස් කරන්නේ වැඩිහිටියන් තීරණ ගන්නා විට, ඔවුන්ගේ එම තීරණ ළමුන්ට බලපාන්නේ කෙසේදැයි ඔවුන් සිතා බැලිය යුතු බවය. සියලූම වැඩිහිටියන් තමන්ට යහපත් දේ නොව ළමුන්ට යහපත්ම දෙය සිදුකළ යුතුය. දෙමාපියන්, රැකබලා ගන්නන් සහ රජයේ තීරණ ගන්නන් ද වැඩිහිටියන්ට ඇතුලත්ය.

    1989 නොවැම්බර් 20 වන දින සම්මත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යනු ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා එකඟවූ රටවල් විසින් අත්සන් කරන ලද වැදගත් ගිවිසුමකි. 1990දී මෙම සම්මුතිය අත්සන් කරන ලද පළමු රටවල් අතර ශී‍්‍ර ලංකාවද ඇතුලත් වූ අතර, එය 1991දී ශී‍්‍ර ලංකාව තුල අනුමත කොට බලාත්මක කරන ලදී.

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF) සහයෝගයෙන්, 1989 දී විශ්ව ළමා ප‍්‍රතිශක්තීකරණය සපුරා ගැනීමේ සිට, 1998 දී ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය පිහිටුවීම දක්වා සැලකිය යුතු ප‍්‍රගතියක් ශී‍්‍ර ලංකා රජය ලබාගෙන ඇත. වසර ගණනාවක සිට දිවයින පුරා සිටින ළමුන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්‍ෂණ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම, දශක ගණනාවක් පුරා විනාශකාරී ගැටුම් සහ ස්වාභාවික විපත් හමුවේ තීරණාත්මක සහන සැලසීම ආදී ක‍්‍රියාවලීන් එහිදී වැදගත් වේ.

    එනමුත් දැන් අප මුහුණදී සිටින්නේ ළමුන්ට සැලකියයුතු හානියක් සිදුවිය හැකි අවදානමක් සහිත අර්බුදයකටය.

    වර්තමාන තත්වය යටතේ ළමුන්ට සිදුවී ඇති නිශ්චිත බලපෑම තවමත් තහවුරු වී නැතත්, ඕනෑම අර්බුදයකදී මෙන්ම, ප‍්‍රමාණවත් ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්‍ෂක සේවා සඳහා වන ප‍්‍රවේශයන්ට බාධා ඇතිවන්නේ නම් බොහෝ විට වඩාත් දරුණු පීඩාවන්ට පත්වන්නේ ළමුන්ය.

    17ත් හැවිරිදි ජිත්මිණි මෑතකදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙත මෙසේ පැවසීය, “කොළඹ පිහිටි මාගේ පාසලේ නියමිත පාසල් වාරය අවසන් වීමට පෙර එය වසා දැමීමට සිදු විය. ඉන්ධන නොමැතිවීම නිසා මට පාසල් යාමට නොහැකි විය. මීලඟට කුමක් සිදුවේදැයි මම කනස්සල්ලෙස් බලා සිටිමි. මට අවශ්‍ය වන්නේ මාගේ පාසල් වෑන් රථයට ඉන්ධන ලබා ගැනීම පමණකි”.

    12 හැවිරිදි සෙනුනි මෙසේ පවසූවාය, “මගේ පුංචි නැගනිය ?ට අඬන්නේ රස්නය දරා ගැනීමට නොහැකි නිසාය. අපට විදුලිි ජනන යන්ත‍්‍රයක් නොමැත. මටත් සුවසේ නිදා ගැනීම අපහසුය. අප හැමෝම උදේට නැගිටින්නේ වෙහෙස ගතියකින් වන අතර, ඉන්පසු දවස පුරාම අසනීපයකින් පෙලෙන බවක් අපට දැනනවා”.

    මෙම අර්බුදය පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමේ හැකියාවන් කෙරෙහි හානිකර බලපෑම් සිදුකරන බැවින් මෙවැනි දුක්ඛිත සාක්‍ෂි රැසක් ළමුන්ගෙන් ඉදිරිපත් වෙමින් පවතී. කොවිඞ් 19 වසංගතය නිසා දිළිඳුකම තවත් උග‍්‍රවී ඇති රටක මෙය වඩාත් කනස්සල්ලට හේතුවන කරුණකි. ශී‍්‍ර ලංකාවේ බහු-මාන දරිද්‍රතාවයට අනුව, වයස අවුරුදු පහට අඩු ළමුන් දස දෙනෙකුගෙන් සිව් දෙනෙකුට (42.2%) වඩා වැඩි සංඛ්‍යාවකට අවම වශයෙන් මූලික අයිතිවාසිකම් දෙකක් අහිමිවී ඇත.
    කොවිඞ් 19 සහ වර්තමාන අර්බුදය නිසා ඇතිවී තිබෙන දරිද්‍රතාවයේ ඒකාබද්ධ බර ශී‍්‍ර ලංකාවේ අනාගතය කෙරෙහි ඇතිවන දිගුකාලීන ප‍්‍රතිවිපාක සහිතව ළමුන්ට, විශේෂයෙන්ම වඩාත් අසරණ තත්වයේ පසුවන ගැහැණු සහ පිරිමි ළමුන්ට අසමානුපාතික ලෙස බලපා ඇත.

    වත්මන් අර්බුදය විසඳීමට ශී‍්‍ර ලංකා රජය සහ එහි හවුල්කරුවන් කි‍්‍රයා කරන විට ළමා අවශ්‍යතාවන්ට ප‍්‍රමුඛත්වය දිය යුතු අතර ඔවුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සහ ආරක්‍ෂාව සඳහා ළමුන් සතු අයිතියට මුල්තැන ලබාදී සුරක්‍ෂිත කළ යුතුය. අර්බුදයේ බර ළමුන් විසින් දරා නොගැනීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පහත සඳහන් නිර්දේශයන් ඉදිරිපත් කරයි:

    පළමුව ළමුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ට සවන්දිය යුතු අතර, ඔවුන්ගේ අදහස් ඉතා බැරෑරුම් ලෙස සහ තීරණාත්මකව සලකා බැලිය යුතුව ඇත. ළමුන්ට සිය ගැටළු අර්ථවත් ලෙස ප‍්‍රකාශ කිරීමට සහ තම අනාගතයට බලපානා කරුණු වලදී ඊට සහභාගීවීමේ අවස්ථාව ලබාදීමේ වගකීම රජයට සහ සියලූම වැඩිහිටියන්ට පැවරේ. එසේ කිරීමේදී ළමුන් වැඩිහිටියන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට සිදු නොකළ යුතු අතර, ළමුන්ගේ ආරක්‍ෂාව සඳහා වන මූලික අයිතීන් සැමවිටම සුරැකිය යුතුය.

    තවදුරටත් ඉගෙනීමේ පාඩු සහ හානි වළක්වා ගැනීම සඳහා ළමුන්ගේ අධ්‍යාපනය ආරක්‍ෂා කළ යුතුය. කොඩිඞ් 19 ගෝලීය වසංගතය දැනටමත් ශී‍්‍ර ලංකාවේ සහ ගෝලීය වශයෙන් ළමුන්ගේ අධ්‍යාපනයට හානි පමුණුවා ඇත. දීර්ඝතම කාලයක් පාසල් වැසීගිය ලෝකයේ රටවල් අතරට ශී‍්‍ර ලංකාවද ඇතුලත්ය. වසංගතය මගින් ඇතිකරන ලද බාධාවන් නිසා අසමානතා සහ ඉගෙනීමේ පාඩු තවදුරටත් පුළුල් වීම සිදුවී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස, පසුගිය දශක කිහිපය තුළ ලබාගත් ජයග‍්‍රහණයන් ආපසු හැරවීමට හෝ වඩාත් නරක තත්වයන් යටතේ එම ජයග‍්‍රහණයන් සම්පූර්ණයෙන්ම මකා දැමීමට සිදු විය. රට තුල දැනට පවතින විදුලිය කප්පාදුව නිසා ළමුන්ට සහ යෞවනයින්ට සිය නිවෙස් පදනම්කරගත් මාර්ගගත ඉගෙනීමේ කටයුතු වඩාත් දුෂ්කර වී ඇත. වසංගතයට පෙර සිටම වඩාත් ආන්තික තත්වයේ පසුවූවන් අතහැර දමා තිබුණි. එබැවින් ශී‍්‍ර ලංකා රජය විසින් පුද්ගල අධ්‍යාපනය සහ පාසල් අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමුඛත්වය දීම තීරණාත්මක සාධකයක් වන්නේය.

    ගැබිනි සහ කිරිදෙන මව්වරුන් සඳහා ලබා දෙන විශේෂ සහනාධාරයන් ඇතුළු වඩාත් අසරණ සහ යැපීම් මට්ටමේ පසුවන අය සඳහා වන සමාජ ආරක්‍ෂණ පද්ධතීන් ආරක්‍ෂා කර ගන්න. එවැනි බොහෝ කාන්තාවන් සඳහා මෙම සහනාධාරයන් ලබාගැනීම ජීවන මාර්ගයක් වන අතර, එමගින් මූලික අවශ්‍යතා කිහිපයක් හෝ සපුරා ගැනීමට හැකිවේ. මෙම අසරණ කණ්ඩායම් තවදුරයත් අර්බුදයට ලක්වීම වලක්වා ගැනීම සඳහා අඛණ්ඩ මාතෘ සේවා සහ මාස 6-24 අතර වයස් වල ළමුන්ට අතිරේක විටමින් පෝෂක ලබා දීම ඉතා වැදගත් වන්නේය.

    ළමුන් සඳහා සෞඛ්‍යය සහ පිරිසිදු ජලය ඇතුළු අනෙකුත් සියලූම අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීමේ ප‍්‍රවේශය සහතික කිරීම. වාර්තාවී ඇති ඖෂධ හිඟය පිළිබඳව අප සැමගේ අවධානය යොමු විය යුතුය. විදුලිය හෝ ජල පොම්ප සඳහා ඉන්ධන නොමැති වීම නිසා ජල නල සිඳී යා හැකිය. පිරිසිදු ජලය නොමැති වූ විට අනාරක්‍ෂිත ජල මූලාශ‍්‍ර කරා ජනතාව යොමු වන අතර, ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් පොදු රෝගාබාධ වලට ගොදුරු වේ. ඖෂධ හිඟයද මෙයට එක්වූ විට එය ශී‍්‍ර ලංකාවේ ළමුන්ට එය ව්‍යසනයේ බියකරු අනතුරු ඇඟවීමක් වන්නේය.

    තත්වය තවදුරටත් විකාශනය වන විට, රටේ අනාගතය වන, එනමුත් දැනට ඉතා අසරණ භාවයට පත්ව ඇති ශී‍්‍ර ලංකාවේ ලාබාලතම පුරවැසියන්ට ඇතිවිය හැකි බලපෑම ඉතා සමීපව නිරීක්‍ෂණය කිරීම රජයේ ප‍්‍රයත්නයන්ට ඇතුලත් වීම ඉතා තීරණාත්ම වන්නේය.

    මෑතකාලීනව ඇතිවූ කොවිඞ් 19 වසංගතය ඇතුළු වඩාත් සංකීර්ණ අර්බුදවලට සාර්ථකව මුහුණ දීමේ හොඳ නිදසුනක් බවට ශී‍්‍ර ලංකාව පත්ව ඇත. තම ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගනිමින්, වඩාත්ම අත්‍යාවශ්‍ය කරුණු සඳහා ආයෝජනය කිරීමෙන් වත්මන් අර්බුදය ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව ඇති බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විශ්වාසය තබා ඇත.

    මේ ඒ සඳහා කාලයයි!