මහ බැංකුවේ ඩොලරය රු. 350 පනී

    April, 27, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රු. 350.49 ක් ලෙසින් අද දින සටහන් වී ඇත.

    ඩොලරයක ගැනුම් මිල රු. 337.82 ක් වශයෙන් දක්වා ඇත.