ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් කොටස් වෙළෙඳපොළ පිබිදෙයි

    April, 27, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත ඉහළ යාමක් අද දිනයේ (27) දී වාර්තා විය.

    පෙර දිනය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය 5.43% ක හා S&P SL20 දර්ශකය 13.52% ක වර්ධනයක් අද දින වාර්තා කරන ලදී.

    ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.15 කින් ඉහළ ගොස් ඒකක 7,280.52 ක් හා S&P SL20 දර්ශකය ඒකක 287.46 කින් ඉහළ ගොස් ඒකක 2,413.42 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    රු. බිලියන 2.18 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.