May, 3, 2022
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට චීනය සමඟ පවතින සාකච්චාවන්හි වඩාත් ධනාත්මක ප්‍රවණතාවයක් දත්නට ලැබෙන බව අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසා සිටියේ ය.
ඔහු මේ බව පවසා සිටියේ, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට ගෙන ඇති තීරණයට එකඟ නොවනු ඇති බවට මින් පෙර ප්‍රකාශයට පවත්ව තිබූ මතය සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක් විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (02) දිනයේදීත් මුදල් අමාත්‍යවරයා සහ චීන තානාපති වරයා අතර හමුවක් පැවති අතර එහි දී ද මේ පිළිබඳව සාකච්චා කර ඇති බවයි. එහි දී ඔවුන් පවසා ඇත්තේ IMF ආයතනය තුළ චීනය වඩාත් වැදගත් වගකීමක් දරණ බවත් එම නිසා ඔවුන් ද එහි දී පොදුවේ ගනු ලබන යෝජනාවන් සඳහා එකඟතාව දැක්වීමට වැඩි ඉඩකඩක් ඇති බවත්ය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර දුරකතන සංවාදයක් පැවත් බවත්, එහි දී මේ සඳහා අවශ්‍ය කෙරෙන හොඳ අඩිතාලමක් දමා ඇති බව ද, අමාත්‍ය නාලක ගොඩහේවා පැවසුවේ ය.
“මෙතන දී යම් කිසි මතයක් ප්‍රකාශ වෙලා තිබුනා කලින් සමහර විට චීනය මේකට එකඟ වෙන එකක් නැහැ කියලා. මොකද සාමාන්‍යයෙන් ලෝකයේ මේ වගේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම් කරන අවස්ථාවල ලෝකයේ හුඟක් රටවලට චීනය යම්කිසි මැලිතාවයක් දක්වලා තියනවා, ඒ කාර්යයට අනිත් රටවල් වගේ සම්බන්ධවන්නට. නමුත් ඔවුන් එහෙම කරලා නැහැ කියන්නත් බැහැ. රටවල් ගණනාවකට ඔවුන් IMF එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ ණය ප්‍රතිව්‍යූහගත කරන්න උදව් වෙලා තියනවා.“
“ඉතින් මෑත කාලයේ දී ඊයේත් චීන තානාපතිතුමා අපේ මුදල් ඇමතිතුමා හම්බ වුණා. දැන් අපිට පේන විදිහට මේ චීනයත් සමඟ තියන සාකච්ඡා ඉතාමත් ධනාත්මක ප්‍රවණතාවක් දක්වනවා. මොකද ඔවුනුත් කියලා තියනවා, IMF ආයතනය තුළත් චීනය ඉතාමත්ම වැදගත් වගකීමක් දරන නිසා පොදුවේ එකඟතාව දක්වන යෝජනාවලට සම්බන්ධවන්නට තියන ඉඩකඩ බොහොම වැඩි කියලා. එතනදි තවත් විශේෂයෙන්ම සඳහන් කරලා තියන දෙයක් තමයි පසුගිය දා අපේ අග්‍රාමාත්‍යතුමත්, චීන අග්‍රාමාත්‍යතුමත් අතර දුරකතනයෙන් පැවති සංවාදයෙනුත් මේ සඳහා අවශ්‍ය කරන හොඳ අඩිතාලමක් වැටිලා තියනවා කියන කාරණය. දැන් අපිට පෙනෙන විදිහට මේ චීනයත් සමඟ තියන සාකච්ඡා ඉතාමත් ධනාත්මක ප්‍රවණතාවයක් දක්වනවා. මොක ද ඔවුනුත් කියලා තියනවා IMF ආයතනය තුළත් චීනය ඉතාමත් වැදගත් වගකීමක් දරනවා. එම නිසා ඔවුනුත් මේ පොදුවේ එකඟතාව දක්වන යෝජනාවලට සම්බන්ධ වන්නට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බව.“
Video Story