දේශපාලන බල පෙරළි මැද කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්

    May, 13, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශයන් හි දැවැන්ත ඉහළ යාමක් අද (13) දිනයේ දී වාර්තා විය.

    ඒ අනුව අද දින ප.ව. 12.30 ට දෛනික ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 139.56 කින් ඉහළ ගොස් තිබුණි.

    මෙය පෙර දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 4.43% ක හා 5.52% ක සුවිශේෂී වර්ධනයක් වේ.

    මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,098.41 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,669.73 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    අද දින රු. බිලියන 2.18 ක වටිනාකමකින් යුත් කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වී තිබීම ද සුවිශේෂී කරුණකි.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ මෙම සුවිශාල වර්ධනය උදෙසා එක්ස්පෝලංකා, LOLC, එයිට්කන් ස්පෙන්ස්, සම්පත් බැංකුව හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.

    ඊයේ දිනයේ දී ද සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 237.99 ක වර්ධනයක් වාර්තා විය.