චීන බැංකුවකට ගෙවිය යුතු ඩොලර් මිලියන 105ක ණයක් නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවෙයි

    May, 18, 2022

    ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමක් සිදුකරන්නේ අද (18) දිනයේ දී බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඩොලර් මිලියනයක්වත් ගෙවීමට හැකියාවක් මේ වන විට නොමැති බවයි.

    මේ අතර හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී කියා සිටියේ අද (18) දිනයේ දී චීන බැංකුවකට ඩොලර් මිලියන 105 ක් ගෙවීමට නියමිතව තිබුණු බවයි.

    හර්ෂ ද සිල්වා,

    අද hard default එකක් එන බව ආරංචි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අද තමයි අපි ඇත්තටම ණය නොගෙවන්න, බැරි තත්ත්වයකට පත්වුණේ. දවස් 30 ක් grace period එකක් හම්බු වුණා. ඒ grace period එක අද ඉවර වෙනවා කියලා තමයි ආරංචිය. තියෙන තත්ත්වය අනුව එන මාස 12 ට අපිට ඩොලර් බිලියන 5 1/2 ක් විතර ගෙවන්න තියෙනවා. අපි තාම debt restructuring වැඩේ පටන් ගන්න lawyers ලා පත්කරලාත් නැහැ. Financial advisors ලා පත්කරලා ත් නැහැ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

    බිලියන එකක් වුණත්, බිලියන 10ක් වුණත් ගෙවන්න මිලියනයක්වත් බැහැ.

    හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි,

    ගරු අගමැතිතුමා කිව්ව ආකාරයට අපිට ඩොලර් මිලියනයක් හොයා ගන්න එකත් ඉතා අමාරුයි. අපි ISBs ඇතුළු multilateral ඇරුනහම අනිත් අයට ගෙවන්නේ නැහැ කියන එක පහුගිය අප්‍රේල් මාසයේ 12 වෙනිදා තීරණය කළා. අපිට වෙන විකල්පයක් නැති හින්දා. 18 වෙනිදා වෙනකොට අපිට තිබුනා ඇමරිකානු ඩොලර් මිලියන 105ක්, චයිනීස් බෑන්ක් එකකට ගෙවන්න තිබුණා. ඒක ගෙවන්න බැරි හින්දා කොහොමටත් අපි default කරන හින්දා අපි රටක් හැටියට තීරණය කරලා hard default එකකට යනවට වඩා හොද දේ තමයි අපි announce කරලා default කරන එක. වෙන කරන්න දෙයක් නැති හින්දා ඒක තමයි ඇත්ත. අපිට විශාල ප්‍රශ්නයක් තියනවා. බිලියන 6ක් ගෙවන්න තියනවා. අපි ISB නොගෙවා හිටියත් bilateral නොගෙව හිටියත් අපිට multilateral නොගෙව ඉන්න බැහැ. ඒක IMF එකට ගෙවන්න ඕන එක, world bank එකට ගෙවන්න ඕන එක අපිට නොගෙවා හිටියෝත් ඒ එන ආධාරත් එන්නේ නැහැ. අපි RFT එක call කරලා ඉවරයි, වෙනම steering comity දාලත් ඉවරයි, කැබිනට් එකට ඒක එන්නට ඕන. කැබිනට් එකත් තාම Full කැබිනට් එකක් appoint කරලත් නැහැ සහ පහුගිය ටිකේ කැබිනට් එකට වාඩි වෙන්නත් බැරි වුනා. දැන් අවසාන වශයෙන් මහ බැංකු අධිපතිතුමා සහ භාණ්ඩාගාර ලේකම්තුමාගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන්ගේ ඔක්කොම finalities  කරලා ඉවරයි. එතකොට ඒක recommendation එකක් හැටියට කැබිනට් එකට එන්න ඕන.