බලශක්ති සංවර්ධනයට ADB හා AFD ආධාර

    December, 18, 2015

    හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයොජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) හා ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 53.91 ක් සපයනු ලබන බව රජය නිවේදනය කර සිටී.

    මෙම වැඩසටහන ප්‍රධාන කොටස් 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ධාරිතාව වැඩි කිරීම ඒ යටතේ ක්‍රියාත්මක එක් ප්‍රධාන ව්‍යාපෘතියකි.