May, 24, 2022
2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය
2022 අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87% කින් ඇමරිකානු ඩොලර් මිලියන 915.3 දක්වා වැඩි විය. එය මෙතෙක් අප්‍රේල් මාසය සඳහා වාර්තා වූ ඉහළම මාසික අපනයන අගයයි.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්රිත නිෂ්පාදන සහ රබර් ආශ්රිත නිෂ්පාදන අපනයන ඉපැයීම් ඉහළ යාමයි. තවද, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයනයේ සහ මුහුදු ආහාර අංශයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය.
ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය මේ වසරේ අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 915.3 දක්වා වාර්තාගත ලෙස වර්ධනය වී ඇති අතර එය 2021 වසරේ අප්‍රේල් මාසයේදී ලබා ගත් ඉහළම ඇමෙරිකානු ඩොලර් මිලියන 799 ඉක්මවා ගිය බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් අර්බුදයට කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන අතරතුර අපගේ අපනයනකරුවන්ට ඉන්ධන සහ බලශක්තිය සැපයීම සඳහා කාර්යක්ෂම පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවයි.
තවද “අපි එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ වෙළඳපොළ කොටස තහවුරු කරන අතරම විශේෂිත වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එයට සමගාමීව අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කළ යුතු අතර එමඟින් ශ්‍රී ලංකාව සඳහා අද අපට අත්‍යවශ්‍ය වී ඇති ඩොලර් වැඩියෙන් උපයාගතහැකි කර්මාන්ත ඇති කළ හැකිය” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පවසන ලදි.
මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020 - අප්‍රේල් 2022 ඇමරිකානු ඩොලර් මිලියනවලින්
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 10

වගුව 3: අපනයන කලාප

සේවා අපනයනය
2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,188.8 ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 96.2% කින් වැඩි විය. EDB විසින් ඇස්තමේන්තු කරන ලද සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.
Video Story