ජාතික උද්ධමනය 33.8% යි. ආහාර උද්ධමනය 44% යි – රජය නිල වශයෙන් කියයි

    May, 23, 2022

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී ඇත.

    මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද./NCPI , 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේ දී 33.8% ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙහිදී ආහාර උද්ධමනය 44% ක් ලෙසින් වාර්තා වන අතර ආහාර නොවන උද්ධමනය 56% ක් ලෙසින් වාර්තා වේ.