ඉන්ධන මිල සූත්‍රය නැවතත්

    May, 24, 2022

    ඛනිජතෙල් නිෂ්පාදනයන්හි විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉන්ධන මිල යාන්ත්‍රණයක් හඳුන්වා දීම
    ඛනිජතෙල් නිෂ්පාදනයන්හි දේශීය විකුණුම් මිල තීරණය කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතුව සියලුම පිරිවැය සංරචකයන් නිරූපණය වන අයුරින් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම්ව ඛනිජතෙල් විකුණුම් මිල තීරණය කිරීමේ යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
    එවැනි ක්‍රමවේදයක් මඟින් පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට මෙන්ම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් මුහුණ දී ඇති මූල්‍ය අපහසුතා සඳහා ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
    ඒ අනුව, ප්‍රධාන පිරිවැය සංරචක හයක් (06) කෙරෙහි නිසි සැලකිල්ලක් යොමු කරමින් මාසිකව ඛනිජතෙල් නිෂ්පාදන මිල තීරණය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එකී නිර්දේශ මත පදනම්ව සකස් කරනු ලබන යාන්ත්‍රණය අනුව මාසිකව ඛනිජතෙල් මිල සංශෝධනය කිරීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    ඡායාරූපය - දිවංගත මංගල සමරවීර මහතා පසුගිය රජයේ සමයේ මුදල් අමාත්‍යවරයාව සිටිය දී හඳුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍ර සමීකරණය රටට හෙළි කළ අවස්ථාව