May, 24, 2022
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් මීළඟ මුදල් අමාත්‍යවරයා කවුරුන්ද යන වග තීරණය කරනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (24) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
නව මුදල් අමාත්‍යවරයෙකු පත් කරන තෙක් ජනාධිපතිවරයා ඔහුට තිබෙන බලතල අනුව වැඩබලන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් මෙහිදී අනාවරණය කර සිටියේය.
මීළඟ අයවැයක් ගැන සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමතිවරයෙකු පත් විය යුතු බවද ඔහු මෙහිදී පැවසීය.
Video Story