පොහොර ටික ගන්න ඩොලර් ටිකක් එවන්න – ගොවියෝ ඉල්ලති

    May, 30, 2022

    මේ අවස්ථාවේ දී ගොවීන්ට වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා, මෙරටට ඩොලර් එවන ලෙස මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ පුංචිරාල රත්නායක මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

    ඔහු පවසන්නේ මේ අවස්ථාවේ දී වල් නාශක හෝ කෘමි නාශක නොමැතිව වී වපුරා බලා සිටින බවයි.

    දැනට ලංකාවේ යූරියා තියෙනවා. මෙන්න මේ ටික ‌හොයලා බලලා, මේ ටිකෙන් මිටිය මිටිය හරි දෙන්න වැඩපිළිවෙලක් කරන්න.

    වල් නාශක නැහැ, කෘමි නාශක නැහැ, කිසිදෙයක් නැතුව අපි වී ටික වපුරාල බලා ඉන්නවා. වතුර ටිකයි වී ටිකයි වෙලේ තියෙනවා.

    මම සමස්ත ලෝකයේ ඉන්න සියලුම අපේ ලංකාවාසී, ලංකාවට ඩොලර් ටිකක් එවලා පොහොර ටික ගන්න විතරක්, මේකට අපිට උදව් කරන්න කියලා විදේශ රටවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

    මේ අතර කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීන් පවසන්නේ අද වන විට වෙළෙඳපොළේ රු. 40,000 ක් වැනි මිලකට යූරියා අලෙවි ‌වන බවයි.