ඔස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට එද්දී ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 2 1/2 ක ආදායමක්

    May, 30, 2022

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසයි.

    ඒ අනුව සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් හා ටෙස්ට් තරඟ 2 ක් පැවැත්වෙන අතර ජූනි 07 දින පැවැත්වෙන විස්සයි 20 තරඟයත් සමඟින් මෙම තරඟාවලිය ආරම්භ වීමට නියමිතය.

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීම හරහා වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ඩොලර් අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ඩි සිල්වා මහතා සඳහන් කරයි.

    “අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ ඩොලර් මිලියන 2 1/2 ක ආදායමක්. ඒකේ වියදම් ඔක්කොම අඩු කළාම අපේ ශුද්ධ ලාභය හැටියට අපිට රු. මිලියන 100කට කිට්ටු ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබෙනවා“, යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා කියා සිටියේය.