යෝගට්, මිදි, ඇපල් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙගුණ කෙරේ

    June, 1, 2022

    2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල ලෙස ඉහළ දැමීමට අද සිට පියවර ගෙන ඇත.

    ඒ අනුව ආනයනික යෝගට් සඳහා මෙතෙක් තිබූ කිලෝග්‍රෑමයකට රු. 1,000 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 2,000 ක් දක්වා ඉහළ දමා ඇත.

    පහත දැක්වෙන පළමු ඡායාරූපයෙන් එක් එක් භාණ්ඩයට අදාළ නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ප්‍රමාණය දැක්නෙ අතර දෙවන ඡායාරූපයෙන් ඊට පෙර පැවති ප්‍රමාණය දැක්වේ.