June, 3, 2022
ප්‍රකෝටිපති මැලේසියානු ආයෝජකයෙකු වන Yeoh Kim Leng විසින් මෙරට ලැයිස්තුගත හෝටල් සමාගමක් වන රම්බොඩ ෆෝල්ස් පීඑල්සී හි 52% ක පාලක කොටස් අයිතිය ඊයේ (02) දින මිල දී ගන්නා ලදී.
මෙහිදී එක් කොටසක් රු. 26.50 බැගින් කොටස් මිලියන 10.4 ක් ඔහු විසින් මිල දී ගනු ලැබූ අතර ඒ සඳහා කරන ලද මුළු ආයෝජනය රු. මිලියන 279 කි.
මෙහිදී කොටස් අලෙවි කරන ලද්දේ සමාගමේ විධායක අධ්‍යක්ෂවරුන් මෙන්ම ප්‍රමුඛ කොටස්කරුවන් දෙදෙනා වන එල්.එස්. සිගේරා සහ අයි.ජේ.ඒ. කරුණාරත්න විසිනි.
මෙම ගනුදෙනුවත් සමඟම ඊයේ (02) දිනයේ දී RAMBODA FALLS PLC හි කොටසක මිල රු. 15.20 සිට රු. 23.40ක් දක්වා 54% ක වැඩිවීමක් වාර්තා කරන ලදී.
Video Story