ඉන්ධන සඳහා සලාක ක්‍රමයක්

    June, 7, 2022

    පවතින තත්ත්වය තුළ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (07) දින පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    “ඉන්ධන සඳහා අපට මාසයකට වැය වෙන මුදල ඩොලර් මිලියන 500ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානය වෙද්දී සියයට 40කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට බැහැර කරන්න බෑ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3,300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.“