චීනයෙන් තට්ටු නිවාස 1,888 ක තෑග්ගක් ශ්‍රී ලංකාවට

    June, 7, 2022

    තමා මීට පෙර අගමැති ධූරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1,888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස පිරිනමා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවේදී ය.

    තව ද මෙම නිවාස වලින් නිවාස 188ක් කලාකරුවන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් එම නිවාස සියල්ලම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සාට ලබා දීමට කටුයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ය.

    මේ අතර අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම නිවාස 1,888 ම නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙලක් සැකසීමට ඔහු බලාපොරොත්තු වන බවයි.

    " මා කලින් අගමැති ධූරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන ආණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1,888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් 108ක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා. මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට ලබා දීමට අප කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුව ඒ නිවාස 1,888 ම නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙලක් සැකසීමටයි. "

     

    ඡායාරූපය - චීනයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක්