June, 7, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අතර ආරවුලක් පවතින බවට සමාජ ජාලා මාධ්‍යයන් හි පැතිර යන ඇතැම් ප්රවෘත්ති පිළිබඳව මහ බැංකුවේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙහිදී මහ බැංකු අධිපතිවරයා එවැනි සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලබන බවත් අවධාරණය කර සිටී.
CBSL was made to understand on certain news items circulating in social media that there is a dispute between the Governor and the Hon. Prime Minister, Ranil Wickremesinghe (1/2)
— CBSL (@CBSL) June 7, 2022
Video Story