June, 9, 2022
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ප්‍රබල අමාත්‍යධූරයක් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.
මෙරටට විදෙස් ආයෝජන ඇතුළු ඩොලර් ගලාඒම් ප්‍රමුඛ කර ගනිමින් මෙම අමාත්‍යධූරය සකස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී හා වැලිබල් වන් පීඑල්සී යන සමාගම් හි පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා යටතේ පවතී.
කලක් ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනු ලැබීය.
Video Story